Jump to content

User talk:Mr.Ghost009

Page contents not supported in other languages.
From Wikipedia, the free encyclopedia

රීරි යකා

ලංකාවේ ඉන්න වැම්පයර් තමයි මේ. භයානක පැත්තෙන් ගත්තොත්, මහසෝනට විතරක් දෙවැනි වෙන අනිත් යක්ෂයා වෙන්නේ රීරි යකායි. පැරණි ගැමි කතාවලට අනූව ගත්තම, රීරි යකාගේ නිජබිම ඉන්දියාව. මෙයාගේ මව සහ පියා මනුස්සයන් වුණත්, පොඩි කාලේ ඉඳල ම සත්තුන්ගේ ලේ බොන පුරුද්දක් මේ ළමයට තිබිලා තියෙනවා. ඊට බයවුණු ගමේ මිනිස්සු, එයාව යක්ෂ පැටියෙක් විදියට හඳුන්වලා තියෙනවා. ජනප්‍රවාදේ තියෙන විදියට රීරි යකාට තියෙන්නේ රතු පැහැ මනුස්ස කයක් සහ, වඳුරු හිසක්. සොහොන් ආශ්‍රිතව කල් ගෙවන්න ප්‍රිය කරන මේ යකා, ලේ බොන්න හරිම රුසියා. ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ට ලේ සම්බන්ධ ලෙඩ රෝග හදවන්නත් රීරි යකාට හැකියාව ඇති බව තමයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. ඇඟ සුදුමැළි වෙලා, ලේ කඳුළක් නැති ගාණට හොඳටම කෙට්ටුවෙලා ඉන්න ලෙඩෙක් ගෙදර ඉන්නවනම්, රීරි යකාට මලපිල්ලියක් දෙන්න ඒ ගැමියන් පුරුදුවෙලා හිටියා.

Start a discussion with Mr.Ghost009

Start a discussion